පළාත් පාලන දෙපාර්තමේන්තුව - ඌව මඟින් පුහුණු වැඩසටහන් මාර්ගගත (Online) ක්‍රමයට සම්බන්ධීකරණය කිරීම

පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරිමේදී ලිපි මඟින් කටයුතු කිරිමේදී විශාල පිරිවැයක් හා කාල ප්‍රමාදයන් සිදුවීම අවම කිරිම අරමුණු කර ගනිමින් අප දෙපාර්තමේන්තුව මඟින් පුහුණු වැඩසටහන් සදහා දැනුවත් කිරිම හා නාම යෝජනා කැදවීම 2019.07.01 දින සිට විද්‍යුත් තැපෑල හා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරිමට තීරණය කර ඇත.

ඒ අනුව පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් පුහුණු වැඩසටහන් සදහා දැනුවත් කිරිම සියළුම පළාත් පාලන ආයතන වෙත විද්‍යුත් තැපෑල මඟින් පමණක් සිදු කරන අතර මෙම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන https://lgd.up.gov.lk/web/tranings.php සම්බන්ධවී ඔබ ආයතනයේ සහභාගිවන නිලධාරින්ගේ තොරතුරු යොමු කල යුතු අතර, 2019.07.01 දිනෙන් පසුව පුහුණු වැඩසටහන් සදහා නිලධාරින් නම් කිරිමේදි https://lgd.up.gov.lk/web/tranings.php ඔස්සේ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරිමට ඔබ ආයතනයේ පුහුණු සම්බන්ධීකරණ නිලධාරියා/නිලධාරිනිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.